Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කැනඩාවේ රැකියා පෙන්වා මහා පරිමානයෙන් මුදල් ගරලා
    Local News

    කැනඩාවේ රැකියා පෙන්වා මහා පරිමානයෙන් මුදල් ගරලා

    By LFNMarch 3, 2023No Comments2 Mins Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    කැනඩාවේ රැකියා හා පදිංචි වීසා ලබාදෙන බව පවසා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් අයකර පිරිසක් මුලාවට පත්කර ඇති බවත්, ඔහු විසින් පොරොන්දු වූ පරිදි කටයුතු නොකල බව පවසමින් (2023.03.01) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 25ක් පමණ ලැබී ඇත.

    ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පැමිණිලිකරුවන්ගේද මැදිහත්වීම මත මරදාන පොලිසිය විසින් (2023.03.01) අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි අනුව අදාල නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරදී තිබේ.

    සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති අතර, මෙම ජාවාරමට හසුවූ තවත් පුද්ගලයින් මේ වන විටත් කාර්යාංශය වෙත පැමිණිලි කරමින් සිටියි. මෙම ජාවාරම සඳහා මොහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිළධාරියෙකුද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් දෙදෙනාම අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    විදේශ රැකියා සඳහා මුදල් හෝ තම ගමන් බලපත්‍ර ලබාදීමට පෙර එම රැකියා නියෝජිතායතනය කාර්යාංශයේ අනුමත වලංගු බලපත්‍රලත් ආයතනයක්ද යන්න පරික්ෂා කිරීම අනිවාර්ය කරුණකි.  තවද, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා මුදල් රැස්කිරීමත් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය හෝ විශේෂ විමර්ශන අංශයේ අංක 0112864241 දරණ දුරකථනය මගින් දැනුම් දෙන ලෙසට මහජනයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.