Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්
    Local News

    ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්

    By LFNMarch 2, 2023No Comments2 Mins Read337 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට අද (01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අනුව පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා ‍පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2287/28, 2301/17 සහ 2306/02 දරන ගැසට් පත්‍රවල පළකර ඇති  නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

    අනතුරුව ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

    මාර්තු 8 වැනිදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතිවරයා විසින් පනවන ලද අංක 2321/07 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

    ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන පාලන පනත යටතේ 2315/46, 2309/40, 2311/08, 2311/18, 2312/77 සහ 2312/78 යන අංක දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව පනත යටතේ අංක 2306/54 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

    අනතුරුව රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

    ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    ‍මාර්තු 9 සහ 10 දෙදින ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ  යෝජනාවට අනුව විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.  එම දෙදින ‍පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.336

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.