Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මැතිවරණ පෙත්සම අද විභාගයට
    Hot News

    මැතිවරණ පෙත්සම අද විභාගයට

    By LFNFebruary 20, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති බැවින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

    විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම, පසුගිය 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    කෙසේවෙතත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා මෝසමක් ගොනුකර තිබුණි.

    එවන් පසුබිමක අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට පසුගිය 18 වනදා තීරණය කළේය.

    ඊට අදාළ ලේඛන මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ නීතීඥවරුන් වෙත භාරදී ඇති අතර අද හෝ හෙට (21) දිනයේ අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසුවේය.

    පළාත් පාලන ආයතන මැතිවරණ සැලසුම් කර ඇති පරිදි පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදීම හේතුවෙන් පවතින දුෂ්කරතා පිළිබඳව මෙලෙස මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.