Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්
    Sport

    කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

    By LFNFebruary 11, 2023No Comments2 Mins Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භවිය.

    එහි පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

    කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම දිනාගත්තේය.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස්කළේය.

    පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 කි.

    ඉනිමේ පළමු කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය.

    අනතුරුව නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දු 62 කිනි.

    විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සබඳතාවය බිඳ වැටුණි.

    චමරි පන්දු 50 කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 68 කි.

    හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

    නායිකා Sune Luus ලකුණු 28 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූවාය.

    Laura Wolvaardt ලකුණු 18 ක් ද, Sinalo Jafta ලකුණු 15 ක් ද රැස්කළෝය.

    පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුගන්දිකා කුමාරි හා ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් දවාත්තේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත ගෙන යමිනි.

    තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ නායිකා චමරි අතපත්තුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 202600 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.