Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්
    International

    කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්

    By LFNFebruary 1, 2023No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය.

    කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

    මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි.

    ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

    කෙසේ නමුත් ඉන් තවදුරටත් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බවත් ඔවුන් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

    මේ වනවිට ලොව වට මිනිස් ජීවිත මිලියන 6.8ක් කොවිඩ් වෛරසයේ ගොඳුරු බවට පත්ව අවසන්ය.

    ලෝකයේ සෑම රටකින්ම කොවිඩ් රෝගීන් වාර්තාවී ඇති අතර ඉන් ලෝක ආර්ථිකයට කළ බලපෑම ගණනය කළ නොහැකි තරම් ය.

    එමෙන්ම ගතවූ දෙසැම්බර් මාසයේ සිට ලෝකය පුරා වාර්තාවන කොවිඩ් මරණ ගණන කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතී.

    ඒ අනුව ගෙවුණු සති 8ක කාලය තුළ ලොව වටා සිදුව ඇති කොවිඩ් මරණ ගණන 170,000ක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසිස් වැඩිදුරටත් පවසා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.