Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නැගෙනහිර වී අස්වැන්න ක්‍රමයෙන් වෙළඳපොළට
    Local News

    නැගෙනහිර වී අස්වැන්න ක්‍රමයෙන් වෙළඳපොළට

    By LFNJanuary 31, 2023No Comments2 Mins Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, එහෙත් වී මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

    මේ නිසා වී කිලෝවක් පෞද්ගලික අංශය මිලදී ගනු ලබන්නේ, රුපියල් 90ත් රුපියල් 100ත් අතර මුදලකට බවත්, මෙවර වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවීන්ට ආසන්න වශයෙන් රුපියල් 135ක පමණ මුදලක් වැය වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා පැවසීය.

    පසුගිය වගා කන්නයේ වී අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හා රජය හෝ පෞද්ගලික අංශය නිසි ලෙස වී මිලදී නොගැනීම නිසා ගොවීන් සතුව වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.

    එසේ තිබියදී විදේශ රටවලින් ගෙන්වන ලද සහල් කිලෝ කෝටි හයක ප්‍රමාණයක් පවුල් ලක්‍ෂ විස්සකට මාසයකට සහල් කිලෝ 10 බැගින් මාස තුනක් බෙදාදීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    රටේ දුප්පත් ජනතාවට සහනාධාර ලබාදීම පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, මේ නිසා සිදුකළ යුතුව තිබෙන්නේ, ගොවීන් සතුව තිබෙන වී තොග සාධාරණ මිලකට මිලදී ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ මොල් උපයෝගී කරගෙන සහල් බවට පත් කර ජනතාවට බෙදාදීම බවත් ඒ මහතා පවසා සිටියේය.

    මෙවර කන්නයේදී ගොවි ජනතාවට පොහොර සහනාධාර ලබාදෙන බවට සඳහන් කළද, සහනාධාරය හිමි වූයේ, යූරියා අවශ්‍යතාවෙන්  50%ක ප්‍රමාණයකට පමණක් බවත්, මේ නිසා මඩ පොහොර හා බන්ඩි පොහොර අධික මිලක් ගෙවා ගොවීන්ට මිලදී ගැනීමට සිදු වූ අතර, මේ නිසා මෙවර කන්නයේදී වී සඳහා සාධාරණ මිලක් අවශ්‍ය බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    මෙවර කන්නයේ වී අස්වැන්න නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවලින් හා අහස් දියෙන් වගා කළ ප්‍රදේශවල වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, ඉදිරි සති දෙක තුන වනවිට අනෙකුත් ප්‍රදේශවල වී අස්වැන්නත් වෙළෙඳ පොළට පැමිණීමට නියමිතව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.