Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කිසිම රාජ්‍ය ආයතනයක් වහල දාන්න තීරණ අරගෙන නැහැ
    Local News

    කිසිම රාජ්‍ය ආයතනයක් වහල දාන්න තීරණ අරගෙන නැහැ

    By LFNJanuary 31, 2023No Comments3 Mins Read225 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයට අයත් කිසිම රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

    රටේ වත්මන් ආර්ථික, සමාජීය තත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා..

    “වෘත්තීය සමිති වල අදහස් ගැඹුරින් සාකච්ඡා කරලා ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙලකට  සියලු දෙනා එකඟතාවය පළ කළා. ඒ අනුව අද දින මේ සාකච්ඡාවට පිවිසීමට තාවකාලික අනුකමිටුවක් ඇති කළා.

    මේ වෙලාවේ අපි කටයුතු කලයුතු දළ එකඟතාවයන් කිහිපයක් තිබෙනවා. ත්‍රයිපාක්ෂික එකඟතාවයකට පිවිසීමේදී වෘත්තිය සමිති ඒවාගේම රාජ්‍ය දෙපාර්තමේන්තු  සහ පෞද්ගලික අංශයත් ඒ වගේම රාජ්‍යයත් නියෝජනය කිරීම ඉතාවැදගත්. මේ අනුව වර්තමාන ආර්ථික ගැටලු වගේම රජය මුහුණ දී ඇති ගැටලුත් විසඳීම සඳහා වූ ගමනකට අපි එකඟතාවය ප්‍රකාශ කළා.

    එසේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් වැඩකළ හැකි නම් ඒ වැඩ කළ හැකි කාල සටහන හෝ වැඩසටහන තමයි අප සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. ඊට අවශ්‍ය මූලික කරුණු රාශියකට උදව් වීමට  භාණ්ඩාගාරයේ අදහස් ලබා ගන්න පුළුවන්.

    ආර්ථිකය ගමන් කළ යුතුයි. ක්‍රියාකාරී විය යුතුයි. එහි දී පෞද්ගලික අංශයටත්  විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා.   පෞද්ගලික අංශය තවම අපි කැඳවලා නැහැ. ඔබතුමාලගේ එකඟතාවයෙන් ඊළඟ රැස්වීමට කැඳවන්න පුළුවන්. ඒ අයත් බොහොම ඕනෑකමින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ජාතික එකගතාවයකට සමාජ ගිවිසුමකට එකඟතාවයකට එන්න.අමාරුකම් පීඩනයන් දුෂ්කරතාවයන් තිබෙන බව ජනාධිපතිතුමත් රජයත් අපි පිළිගන්නවා.

    විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩි කර ගත හැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර  වෙන වෙනම සාකච්ඡා කර  අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක  කරගැනීම අවධානයට ගත යුතුයි. මේ වැඩපිළිවෙලේදී යම් යම් කාරණා ශාක්ෂාත් කර ගන්න සියලු පාර්ශවයන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධීකරණය කිරීම පිළිබඳව විශේෂයෙන් ව්‍යාපෘතියක් ලෙස  සලකනවා.

    මෙහිදී  ස්ථානගත වල ප්‍රශ්න වලට වඩා ඉහළින් ආර්ථික තීරණ  පිළිබඳ අවධානය යොමු කරනවා. ප්‍රතිව්යුහගත කිරීමට නියමිත ආයතන  ලාභ ලැබීමට පරිවර්තනය කිරීම එක් ඉලක්කයක්.  එය සාර්ථක කර ගැනීමට යම් යම් එකගතාවයන් අනුව විශ්වාසයෙන් වැඩ කටයුතු කළ යුතුයි.

    ආර්ථිකය යම්කිසි  පණගැන්වීමට එනවනම්  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අමාරු කම් තියෙනවා. විදේශ විනිමය ගලා ඒමේ දොරටුව විවෘත කර ගත්තොත් විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට දොරටුව විවෘත කර ගත්තොත් එතැන සිට ආර්ථික ඉඩකඩ විවෘත වෙනවා.

    අපි කිසිම ආයතනයක් වහල දාන්න  තීරණ අරගෙන නැහැ. ඒවා එක එක විකල්ප පමණයි. එකට ගමන් කරනවද, ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරිත්වය පමණක් භාර දෙනවා ද, විවිධ ක්‍රමවේද තිබෙනවා.  දැනට කෙරීගෙන යන සාකච්ඡා පමණයි.

    මේ අමාරු කර්තව්‍යයේදී රටත්,  වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ   සේවා තත්වය ආරක්ෂා කළ හැකි, ඵලදායි ක්‍රමවේදයකට රට පරිවර්තනය කරගන්න සහාය වෙන්න.”

    මෙහිදී වෘත්තිය සමිති අවධාරණය කළේ රජය තීන්දු තීරණ ගැනීමේදී වෘත්තිය සමිති සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන්නේ නම් සුදුසු බවයි.

    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධීපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්   මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202606 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.