Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»හංවැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
    Hot News

    හංවැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

    By LFNJanuary 6, 2023No Comments1 Min Read276 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

    ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    එම මෙහෙයුම අතරතුර සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර පෙරළා එල්ලකළ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් සැකකරු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 202600 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.