Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මත්පැන් සහ සිගරට්වල බදු ඉහළ ට
    Hot News

    මත්පැන් සහ සිගරට්වල බදු ඉහළ ට

    By LFNJanuary 4, 2023No Comments2 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256කි.

    එමෙන්ම පොල්, තල් හා පදනම් කළ අරක්කු බෝතලයක් සඳහා ද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබේ.

    දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය 4.8% ක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින් ද ඉහළ නැංවුණි.

    එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය 8.8% ක් වන බියර් බෝතලයකට පනවා ඇති බද්ද රුපියල් 39 කින්ද ඉහළ නංවා තිබේ.

    වයින් බෝතලයක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 50 කින් ඉහළ නැංවීමත් සමග ඉන් අය කෙරෙන නව බදු මුදල වන්නේ රුපියල් 297 කි.

    ඊට අමතරව දුම්වැටි බදු ද 20%කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති.

    රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති.

    රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරේ.

    මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහාම රුපියල් දෙකක බද්දක් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.