Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙරට පළමු කෘෂි තාක්ෂණාගාරය නැගෙනහිරට
    Local News

    මෙරට පළමු කෘෂි තාක්ෂණාගාරය නැගෙනහිරට

    By LFNDecember 29, 2022No Comments2 Mins Read228 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට  ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබිම ඊයේ (27දා)  දහවල් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන  ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති  ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති.

    එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ  නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය.

    මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ  විදේශිය වටිනාකමක් ලබාදිමද විශේෂත්වයකි.

    දැනට දිවයිනේ මෙවැනි රසායනාගාර 2ක් මහඉලුප්පල්ලම සහ ගන්නෝරුව කෘෂි  පර්යේෂණ ආයතන වල පිහිටා ඇති අතර කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් විමෙන් සියලු පහසුකම් වලින් සපිරි ISO ප්‍රමිතියෙන් යුතු මෙවැනි රසායනාගාරයක් නොමැත. මේ අතර කාබනික කෘෂි නිෂ්පාදන  වලට රසායනාගාරයක සහතිකයක් තිබිමෙන් ජත්‍යන්තරය තුල ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජත්‍යන්තර වෙළදපොළ ජයග්‍රහණය කිරීමේ පහසුවද සැලසේ.

    යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි ‌බෝග බහුල වශයෙන්  වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවින්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමටද හැකිවිම  විශේෂත්වයකි.

    මෙහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ අද රටේ විශාල ඩොලර් හිඟයක් පවතින බැවින් ගොවින්ට මෙමගින් ලබා ගන්නා වටිනා තත්ව සහතිකයක් මගින් සිය නිෂ්පාදන ජත්‍යන්තර වෙළදපොළට යවා රටට ඩොලර් ගෙන ඒමේ හැකියාව ඇතිවන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.