Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය මෙන්න
    Sport

    ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය මෙන්න

    By LFNDecember 28, 2022No Comments2 Mins Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.

    තරගාවලියට සහභාගි වන විස්සයි විස්ස හා ඒක්දින සංචිත අද (27දා) රාත්‍රී නම් කලේය. එහි විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ  උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිවී ඇත.

    මෙහිදී කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.

    එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර් වැනි ක්‍රීඩකයින්ද ඇතුලත්ව ඇත.

    කෙසේ වෙතත් එක්දින සංචිතයට විරාත් කෝලි හා කේ.එල්. රාහුල් ඇතුලත්ව ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත. මෙම තරගාවලියේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවද්දී උපනායකත්වය හිමිවී ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාටයි.

    තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි තෙවැනිදා මුම්බායි හිදී ආරම්භ වේ. ඉන් අනතුරුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ජනවාරි 10 වැනිදා ආරම්භ වේ.

     

    විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය

    හර්දික් පාණ්ඩ්‍යා (නායක), ඉෂාන් කිෂාන්, රුටුරාජ් ගායික්වාද්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව් (උපනායක), දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, ආක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, මුකේෂ් කුමාර්

     

    ඒක්දින තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය

    රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ෂ්‍රෙයාස් අයියර්, කේ.ඒල්. රාහුල්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උපනායක), වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව්, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202603 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.