Close Menu
Lanka Focus News
    What's Hot

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පහ වසරේ දියණියට අතවර කළ පියා අත්අඩංගුවට
    Local News

    පහ වසරේ දියණියට අතවර කළ පියා අත්අඩංගුවට

    By LFNDecember 28, 2022No Comments2 Mins Read261 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාස තුනකට පමණ පෙර ගල්නෑව ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණි සිටි 35 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළකු බව පොලීසිය කියයි.

    සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පියා විසින් අවස්ථා ගණනාවක දී තමන්ව අතවරයට ලක් කළ බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

    මීට දින පහකට පමණ පෙර දැරියගේ මව කුලියට තේ දලු නෙළීම සඳහා ගම්පොල ප්‍රදේශයට ගිය අවස්ථාවේදීද සැකකාර පියා  විසින් දැරිය අවස්ථා කීපයකදී දැරිය අතවරයට ලක් කර ඇති අතර මෙලෙස පියාගෙන් දිගින් දිගටම සිදු වන අතවරයන් ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් එම දැරිය ඊයේ (26දා) ගල්නෑව පොලිසියට පැමිණ සියල්ල ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවස කරා වහා පිටත්ව යන විටත් සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපායදූතියක් මාර්ගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 202607 Views

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු…

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.