Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»බාබර්, සංගා හා සමවෙයි
    Sport

    බාබර්, සංගා හා සමවෙයි

    By LFNDecember 27, 2022No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

    නවසීලන්තය සමගින් කරච්චි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුනු 161 ක් ලබා ගැනීමට සමත්වීමත් සමගින් බාබර් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.

    සංගක්කාර ඉනිම් 56 කදී මෙම වාර්තාව පිහිටුවන විට බාබර් ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 56 කි.  කෙසේ‌ වෙතත් මෙම තරගයේදී දෙවැනි ඉනිමේදී බාබර් අර්ධ ශතකයක් රැස් කළහොත්, සංගාගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාවක් ඇත.

    මේ සමගින් ඔහු මේ වසරේ (2022) වැඩිම ටෙස්ට් ලකුණු ලාබීන් අතර එංගලන්තයේ  ජෝ රූට් අබිබවමින් පෙරමුණට පත්වීමට සමත්වී ඇත්තේ ඉනිම් 16 කදී ලකුනු 1170 ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් ඔහු තවමත් නොදැවුණු ක්‍රීඩකයෙකු නිමා මෙම ලකුණු තවදුරටත් වැඩි විය හැක. බාබර්ගේ ඉනිමක ලකුනු සාමාන්‍යය දැක්වෙන්නේ 78 ක් ලෙසිනි.

    මෙහි දෙවැනි ස්ථානයේ සිටින්නේ ඉනිම් 27 කදී ලකුනු 1098 ක් ලබාගත් එංගලන්තයේ ජෝ රූට්ය. තෙවැනි ස්ථාන‌යේ රැඳී සිටින උස්මාන් කවාජා ඉනිම් 20 කදී ලකුනු 1080 ක් රැස් කරගෙන ඇත.

    එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ මෙහි තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් 19 කදී ලකුනු 1061 ක් වාර්තා කරමිනි.

    ටෙස්ට් පිටියේ මෙම වර්ෂයේදී ලකුනු දහස ඉක්මවූ ක්‍රීඩකයින් අතර මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පමණක් රැඳී සිටීම විශේෂත්වයකි.

    බාබර් මෙහීදී පාකිස්ථානයේ වසර 16 ක් පැරණි වාර්තාවක්ද බිඳ හෙලීමට සමත්විය. ඒ් වසරක් තුළ අන්තර්ජාතික ක්‍රිකට් තරග වල වැඩිම ලකුනු සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවයි. මෙය මීට පෙර 2006 වර්ෂයේදී මොහොමඩ් යූසුෆ් විසින් පිහිටුවා තිබුනේ තරග 33 කදී ලකුනු 2435 ක් රැස් කරමිනි‍.

    මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්ථානය මෙම වර්ෂයේදී ටෙස්ට් පිටියේදී ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරද්දී වීම විශේෂත්වයකි.

    ඔවුන් මේ දක්වා තරග 8 කට සහභාගී වී ඉන් ජයගෙන ඇත්තේ ඒක් තරගයක් පමණක් වන අතර  තරග 5 ක් පරාජයට පත්වී ඇත. තරග 2 ක් ජයපැරදුමින් තොරව නිමාවට පත්වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.