Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයි
    International

    බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයි

    By LFNDecember 16, 2022No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයිසයුරෙන් එතෙර
    බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයි
    December 15, 2022 06:51 pm

    බ්‍රිතාන්‍යයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට අනුයුක්තව සිටි චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකු චීනය සිය රට වෙත යළි කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ පොලිස් ප්‍රශ්න කිරීමක් සඳහා අදාළ නිලධාරීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක් තුළය.

    ඉකුත් ඔක්තෝබර් 16 වනදා පුද්ගල කණ්ඩායමක් විසින් හොංකොං විරෝධතාකරුවෙකුව මැන්චෙස්ටර්හි පිහිටි චීන කොන්සල් කාර්යාල පරිශ්‍රය තුළට ඇදගෙන විත් පහර දී තිබේ.

    එම සිද්ධිය සම්බන්ධයෙන් චීන නියෝජිතයෙකු ගෙන්වා ඒ සම්බන්ධයෙන් විමසීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත්දා කටයුතු කර තිබුණු බවද විදෙස් මාධ්‍ය පැවසීය.

    අනතුරුව අදාළ පහරදීම කිසිසේත් පිළිගත නොහැකි බැවින් චීන කොන්සල් ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකු රටින් පිටත් කර හරින බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයා පවසා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    කෙසේවෙතත් චීනය පවසා ඇත්තේ බොහෝ කලකට පෙර ලබාදුන් උපදෙස් මත කොන්සල් ජනරාල්වරයා යළි සිය රට වෙත පැමිණ ඇති බවය.

    ඔහු සිය ධූර කාලය සපුරා ඇති බැවින් යළි කැඳවූ බවත් එය සාමාන්‍ය ක්‍රියාවලිය බවත් චීනය පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.