Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට
    Sport

    තවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට

    By LFNNovember 30, 2022No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16දෙනාගේ වටයේ ස්ථාන තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය සහ අමෙරිකාව සමත්වුණි.

    B කාණ්ඩය යට‌‌තේ වේල්සය සහ එංගලන්තය අතර පැවැති තරගය ගෝල 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

    මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉරානය සහ අමෙරිකාව අතරය.

    එම තරගයේ ගෝල 1 ට 0ක් ලෙස තරගය ජය ගැනීමට අමෙරිකාව සමත්වුණේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනිමිනි.

    තරගයේ වාර්තාවූ එකම ගෝලය අමෙරිකාවේ ක්‍රිස්තින් පුලිසික්ස් වාර්තා කළේය.

    මේ අතර A කාණ්ඩයේ අනෙක් තරගය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තය සහ සත්කාරක කටාර් දේශය අතරය.

    එම තරගයේදී නෙදර්ලන්තය ගෝල 2ක් රැස්කළ අතර සත්කාරක කටාර් කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකිවූයේ නැත.

    ඒ අනුව නෙදර්ලන්තය සුපිරි 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

    මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉක්වදෝරය සහ සෙනගාලය අතරය.

    එම තරගයේ 44වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සෙනගාලය පළමු ගෝලය වාර්තාකළේය.

    ඉන්පසු 67වැනි මිනිත්තුවේදී ඉක්වදෝරය පිළිතුරු ගෝලය රැස්කළ අතර තරගයේ ජය දෙපිළටම විවෘත වුණි.

    එම තරගයේ 70 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සෙනගාල නායක කළිඳු කිලිබාලි ගෝලයක් රැස්කළේ ඉක්වදෝර ක්‍රීඩා ලෝලීන් නිහඬ කරමිනි.

    තරගය නිමවන තුරු තවත් ගෝලයක් රැස් කිරීමට ඉක්වදෝරයට නොහැකි වීමත් සමඟ ගෝල 2 ට 1ක් ලෙස තරගයේ ජය සෙනගාලය සතුවුණි.

    ඒ අනුව සෙනගාලය සුපිරි 16දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

    සෙනගාලය අවසන් 16දෙනාගේවටයට සුදුසුකම් ලබාගතේ 2002 වසරෙන් පසුවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.