Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දේශබන්දු ව අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
    Hot News

    දේශබන්දු ව අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්

    By LFNNovember 29, 2022No Comments2 Mins Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවය.

    එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

    ඒ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.