Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ජපානයට පෙරළිකාර ජයක්
    Sport

    ජපානයට පෙරළිකාර ජයක්

    By LFNNovember 24, 2022No Comments2 Mins Read280 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පාපන්දු ලෝක කුසලානයේ දින 4ක් ඉක්ම යාමටත් මත්තෙන් තරගාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට ජපාන කණ්ඩායම ඊයේ (23)සමත්වුණි.

    ඒ හිටපු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මන් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

    ජර්මනිය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ මූලික වටයේ ඊ කාණ්ඩයේ පළමු තරගය ලෙසය.

    පළමු අර්ධයේ 35වැනි මිනිත්තුවේදී ජර්මනියට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණි.

    එතැන් සිට 74 වැනි මිනිත්තුව දක්වාම ගෝල 1ට 0ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියේ ජර්මනියයි.

    නමුත් 75 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ජපානය ගෝල 1ට 1ක් ලෙස තරගය සමකිරීමට සමත්වුණි.

    ඉන් නොනැවතුණු ජපානය 85 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කළේ කලීෆා ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජර්මන් ප්‍රේක්ෂකයන්ව නිහඬ කරමින්ය.

    ජර්මන් ක්‍රීඩකයින් තරගයේ අවසන් මිනිත්තුව දක්වාම සිය අභිමානය රැකගැනීම සඳහා සටන් වැදුනද එම උත්සාහය සාර්ථක වුයේ නොවීය.

    ඒ අනුව ගෝල 2ට 1ක් ලෙස ඓතිහාසික ජයක් ලැබීමට ජපාන කණ්ඩායම සමත්වුණි.

    ජපානය විසින් ජර්මනිය පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය වේ.

    මෙවර තරගාවලියේ දෙවන පෙරළිකාර තරග ජය මෙය වන අතර මීටපෙර ප්‍රබල ආර්ජන්ටිනාව පරාජය කිරීමට සෞදි අරාබිය සමත්වුණි.

    ජර්මනිය 2018 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගයේදී මේ ආකරයෙන්ම මෙක්සිකෝව හමුවෙව් පරාජයට පත්වූ අතර ඔවුන්ට එම ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණි.

    ඒ අනුව ජර්මන් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයේ ඉතිරි තරග දෙක දැඩි පීඩනයකින් යුතුව ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,469 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202605 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.