Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»චන්ද්‍රිකා – නිමල් පක්ෂයෙන් පන්නයි
    Political

    චන්ද්‍රිකා – නිමල් පක්ෂයෙන් පන්නයි

    By LFNNovember 22, 2022No Comments1 Min Read260 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත.

    ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ.

    එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

    එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 202606 Views

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.