Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»නායිකාව නොමැතිව රග්බි පිල කොරියාවෙන් පිටවෙයි
    Sport

    නායිකාව නොමැතිව රග්බි පිල කොරියාවෙන් පිටවෙයි

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments3 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණි ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා කණ්ඩායමේ නායිකාව නොමැතිව අද(14 වැනිදා) රාත්‍රී 11.30 ට පමණ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියහ. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙක්, ක්‍රීඩිකාවන් 12 දෙනෙක්, පුහුණුකරුවන් දෙදෙනෙක්, කළමනාකරුවකු, කළමනාකාරියක, භෞතචිකිත්සකවරයකු සහ සම්බාහකවරයකු ඇතුළත් වූහ.

    තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ඉරිදා (13 වැනිදා) පස්වරුවේ අතුරුදන් වූ කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ සෙවීම සඳහා ඉන්චෝන් නුවර නම්දොංගු පොලිසියත්, කොරියානු රහස් පොලිස් ඒකකයත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළහ. කෙසේ වුවත් ඊයේ පස්වරු 5.00 ට පමණ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඉන්චෝන් ගුවන්තොටුපළ බලා පිටත්ව යන තෙක්ම පොලිසියට දුලානි සොයාගත නොහැකිව තිබිණ.

    “ඇයට අනතුරක් සිදුවූ බවට මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා ඇය කොරියාවේ වාසය කරන ඇගේ හිතවතකුගේ සහාය ඇතිව කණ්ඩායම මඟහැර යන්න ඇති කියලා.“

    “සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරිගෙන් සහ අවසන් වරට ඇය සමග සිටි ක්‍රීඩිකාවන්ගෙන් අපි ප්‍රකාශ ලබගත්තා. ඇයට විසා ලැබිලා තියෙන්නෙ දවස් 10 කට නිසා ඇයව සොයා ගැනීම සඳහා දිගටම මෙහෙයුම් ක්‍රියත්මක කරනවා.” යැයි නම්දොංගු පොලිස් නිලධාරියකු පැවසීය.

    අතුරුදහන් වී ඇති ක්‍රීඩිකාව තරගාවලිය නිමා වීමෙන් අනතුරුව සිය මුඛ ආරක්ෂක උපාංගය නැති වූ බව කියමින් එය සෙවීම සඳහා තවත් තවත් ක්‍රිඩිකාවන් දෙදෙනකු සමග ප්‍රධාන ක්‍රීඩාංගණයේ සිට පුහුණුවීම් කරන ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. එලෙස පිටව ගොස් ඇති ක්‍රීඩිකාවන් දෙ‍දෙනකු පමණක් නැවත ක්‍රීඩිකා විවේකාගාරය වෙත පැමිණ ඇති අතර නායිකාව ප්‍රමාද වීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රිඩිකාවන් සහ නිලධාරීන් ඇය සෙවීමට පියවර ගෙන තිබේ.

    තමා සමග මුඛ අවරණය සෙවීම සඳහා පැමිණි සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාට පුහුණු ක්‍රීඩාංගණයේ එක් ප්‍රදේශයක් පරික්ෂාවට ලක්කරන ලෙස උපදෙස් ලබා දී ඇති දුලානි, ඒ අතරතුර තමා ක්‍රීඩාංගණයේ අනෙක් පස පරික්ෂාවට ලක්කරන බවද ඔවුන්ට පවසා ඇත. කෙසේ වුවත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා අදාල ප්‍රදේශය පරික්ෂාවට ලක්කර නැවත පැමිණෙන විට දුලානි පෙර සිටි ස්ථානයේ නොසිටි බව එම ක්‍රීඩිකාවන් පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සටහන්ව තිබේ.

    අතුරුදහන් වීමට පෙර දුලානි යම් අසනීප තත්ත්වයක් සඳහා ‍‍ඖෂධ ලබාගත් බවද, අවසන් වරට දකින විට ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල කමිසය සහ කලිසමක් සමග කළු පැහැති ජැකට්ටුවක් පැළඳ පිටේ එල්ලාගෙන යන බෑගයක් සහිතව සිටි බවද කණ්ඩායමේ කළමණාකාරිණය පොලිසියට පවසා ඇත.

    කාන්තා කණ්ඩායම සහභාගි වූ අවසන් තරගයෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අසියානු තරගාවලියේ මීළඟ අදියර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී දුලානි කියා සිටියේ “මං හිතනවා අපි නැතත් ඉස්සරහට ඉන්න ක්‍රීඩිකාවො හොඳ දෙයක් කරයි කියලා” යනුවෙනි.

    තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩ‍ය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට චීනය හමුවේ ලකුණු 55-00 ක් ලෙසද, හොං කොං කණ්ඩායමට එරෙහිව ලකුණු 47-00 ක් ලෙසද, කසකස්තානයට එරෙහිව ලකුණු 46-00 ක් ලෙසද පරාජයට පත්වීම හේතුවෙන් කුසලාන ශූරතාවෙන් ඉවත්ව පළඟ ශූරතාව වෙනුවෙන් (තරගාවලියේ අවසන් ස්ථාන 4 වෙනුවෙන්) තරග වැදීමට සිදුවිය.

    පළඟ ශූරතාව සඳහා පැවැති අවසන් පූර්ව තරගයේ අවසන් මොහොතේදී මැලේසියාවට ‍එරෙහිව ලකුණු 17-14 ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේද දුලානි ලබාගත් උත්සාහක දිනුමක් හේතුවෙනි. කෙසේ වුවත් අවසන් තරගයේදී හොං කෙං කණ්ඩායම හමුවේ ලකුණු 43-07 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළඟ අනු ශූරතාවෙන් (තරගාවලියේ 6 වැනි ස්ථානයෙන්) සෑහීමකට පත්වීමට සිදුවිය.

    රටවල් 8 ක සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ ඉන්චෝන් නුවරදී පැවැති ‍මෙම තරගාවලියේ කාන්තා අංශයේ කුසලාන ශූරතාව දිනාගැනීමට ජපානය සමත් වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 19-14 ක් ලෙස චීනය පරාජය කරමිනි. තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී කසකස්තානයට එරෙහිව ලකුණු 26-06 ක පහසු ජයක් වාර්තා කිරීමට තායිලන්තය සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 202604 Views

    මෝල්ටාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11…

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.