Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
    International

    ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

    By LFNDecember 27, 2024Updated:December 29, 2024No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා මිය යන විට වයස අවුරුදු 92ක් විය.

    ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇත.

    ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙයි.

    පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීය.

    සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබුණි.

    ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර ඇත.

    1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩාගෙන වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් ටය.

    ඒ අනුව එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කළේය.

    අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්වන ඉන්දියාව ට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනා පවසති.

    මන්මෝහන් සිං මහතා, 2004 වසරේ සිට 2014 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    ඊට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.

    ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි.

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීමේදී, ඔහු පාකිස්තානය සමග සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. මෙම ක්‍රියාවලියට පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ , 2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරයයි.

    වසර 40කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමග ඇතිවූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද ඔහු උත්සාහ කළේය.

    මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර ඉන්දීය නායකයෙකු ලෙස ඔහු එරට සිදුකළ සංචාරය බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගත්තේය.

    මන්මෝහන් සිං මහතා සාක් සමුළුවට සහභාගී වීම සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

    මන්මෝහන් සිං මහතා මිය යනවිට නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.