Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අවුරුදු 5ත් – 12ත් අතර දරුවන්ගේ දත් රෝගවල වර්ධනයක්
    Local News

    අවුරුදු 5ත් – 12ත් අතර දරුවන්ගේ දත් රෝගවල වර්ධනයක්

    By LFNOctober 3, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා පෙන්වාදෙන්නේ, පෙර පාසල් කාලයේ සිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

    මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

    “ලංකාවේ තියෙනවා වසර 10න් 10ට මුඛ සමීක්ෂණ. මේක අන්තිමක එක. අලුත් එක 2024 – 2025 මේ දිනවල පටන් ගත්තා. මේ අනුව පේනවා අවුරුදු 5 දරුවන්ට රෝගී තත්ත්වය 63%යි. ඒ කියන්නේ ළමයින් 100ක් ගත්තොත් 63 දෙනෙකුට දත්වල මුඛ කුහර තියෙනවා. ළමයි 10ක් ගත්තොත් 6 දෙනෙකුට තියෙනවා. අවුරුදු 12 වෙනද්දි මේක සෑහෙන අඩුවෙලා. මේ 63% ඉස්කෝලේ එන්න කලින් 55%ක් වත් කරොත් ඒක ලොකු දෙයක්. මැසේජ් එක සිම්පල්. දවසට දෙපාරක්, ක්ලොරයිඩ් නැති දන්තාලේපයකින් දත් මදින්න. මදින හරි ක්‍රමය කියලා දෙන්න සහ පැණි රස කෑම අඩු කරන්න. වඩා පහසුයි පැණි රස කෑම ප්‍රධාන ආහාර වේලකට සීමා කරනවා නම්.”

    මේ අතර මෙරට තුළ කළු දීලීර රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව දිලීරවේදී දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසන්නීය.

    ඇය සඳහන් කළේ, මෙම රෝගයට වැඩිදෙනෙකු ගොදුරු වී ඇත්තේ පාලනය නොකළ දියවැඩියාව හේතුවෙන් බවය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මෙම අදහස් පළ කළාය.

    “මේ දිලීරයේ බීජ ශරීරයට වැඩිපුරම ඇතුළු වෙන්නේ, ආශ්වාසයෙන්. ආශ්වාසයෙන් ඇතුළු වුණාම මුණේ කෝටරක ඇතුළට ගිහින් රෝගය හදන්න පුළුවන්. ඊට අමතරව ආශ්වාසයෙන් ඇතුළු වන වාතය පෙනහළුවලට යනවා. එතකොට පෙනහළුවලත් රෝගය හදන්න පුළුවන්. මේ ස්ථාන දෙක තමා ලෝකයෙත් ලංකාවේත් වැඩිපුරම දිලීර රෝගය හැදිලා තියෙන්නේ. මීට අමතරව බඩවැල්වල සහ තුවාලවල මේ දිලීර රෝග දකින්නට පුළුවන්.”

    මෙම රෝගය වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය අදහස් පළ කළාය.

    “ලංකාවේ දියවැඩියාව පාලනය කළ යුතුමයි. සමහර වෙලාවට සීනි ලෙවල් එක අඩුවැඩි වෙනවා. එහෙම නෙමෙයි දියවැඩිය හරියටම පාලනය කළ යුතුයි. ඒ වගේම ප්‍රතිශක්තිය දුර්වල කෙනෙක් ඉන්නවා නම් ඒ කාලයේ දී එයා පස් ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකර ඉන්නවා නම් වඩාත්ම සුදුසුයි. ඒ කාලවල දී KN 95 මාස්ක් එක පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම මල්වල සුවඳ බලන එක වැනි දේ නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.