Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 2025

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ආර්ථිකය පසුබසී
    International

    චීන ආර්ථිකය පසුබසී

    By LFNDecember 20, 2023No Comments3 Mins Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකයේ අංක දෙකේ ආර්ථික බලවතා වන්නේ චීනය යි.

    චීනයේ ආර්ථිකය සමස්ත ලෝකයේම ආර්ථිකයට, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු චීනය සමග සමීප ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑමක් ඇති කරන බව පැහැදිලි ය.

    එළඹෙන 2024 වසර චීනයේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකි ද? යන්න විදෙස් මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවකි.

    ලොවටම ඉමහත් බලපෑමක් ඇති කළ කොවිඩ් වසංගතයෙන් අනතුරුව, කොවිඩ් පාලන නීති රෙගුලාසි අන්තිමට ඉවත් කළ රට වන්නේ චීනය ය.

    ඒ සමගම චීන පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳසැල් පිරී යනු ඇති බවත්, විදේශිය ආයෝජන නැවතත් රට තුළට ගලා එනු ඇති බවත්, කර්මාන්තශාලා නිෂ්පාදන ඉහළ යනු ඇති බවත් චීන බලධාරීන් අපේක්ෂා කළේය.

    එමෙන්ම ඉඩම් වෙන්දේසි සහ නිවාස අලෙවිය ස්ථාවරවීමකුත් චීනය අපේක්ෂා කර තිබුණි.

    එහෙත් සිදුවුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීම් මාලාවකි.

    චීන පාරිභෝගිකයන්ගෙන් මිලදී ගැනීම් අඩුවූ අතර ඔවුන් දුෂ්කර කාලයකදී භාවිතය සඳහා මුදල් ඉතිරි කිරීමට පෙළඹුණි.

    රටක ආර්ථිකය ක්‍රියාකාරී වීමට පාරිභෝගික මිලදී ගැනීම ඉහළ මට්ටමක පැවතීම වැදගත් ය.

    එමෙන්ම චීනයේ මෙතෙක් පැවති විදේශ ආයෝජන පවා නික්මයාම ආරම්භ වූ අතර, ඔවුන් රටින් මුදල් ඉවත් කරගැනීමට කටයුතු කළේ ආර්ථිකයට බලපෑමක් ඇති කරමිනි.

    චීන කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයට විශේෂයෙන් බටහිර රටවලින් ලැබෙන ඇනවුම් අඩාල වූයේ එම රටවල ආර්ථිකයන් හි පසුබෑම ඇතුළු හේතූන් නිසා ය.

    විශේෂයෙන් චීනයේ දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අඩාලවීමක් හා අර්බුදකාරී තත්ත්වයක් ද පසුගිය කාලය තුළ දක්නට ලැබුණි.

    කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ අපේක්ෂාවන් කඩිනමින් ඉටු නොවීම ඇතැමුන් ඍණාත්මක ඇසකින් දුටු අතර, ඔවුන් බොහෝවිට චීන ආර්ථිකයේ වර්ධන ආකෘතිය පිළිබඳව සැක පළකළ අය විය.

    චීනයේ වර්තමාන ආර්ථික ප්‍රවණතාවන් ඔවුන්, දශක ගණනාවක් ශීඝ්‍ර වර්ධනයක් ලබා 1990 දශකයේ සිට ආර්ථිකයේ නතරවීමක් දක්නට ලැබුණු ජපානයටත් ඇතැම්විට සම කළේය.

    ඔවුන්ගේ තර්කය වන්නේ චීනය ඉදිකිරීම් ප්‍රමුඛ සංවර්ධනයක සිට පාරිභෝගික කේන්ද්‍රගත වර්ධනයක් කරා මීට දශකයකට පමණ පෙර පරිවර්ථනය විය යුතුව තිබූ බවය.

    කෙසේ නමුත් පාරිභෝජනය ප්‍රවර්ධනයට පියවර ගන්නා බවත්, ආර්ථිකය දේපළ මත යැපීමෙන් ඉවත්වී ඉහළ අන්තයේ නිෂ්පාදනයන් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරන බවත් චීන බලධාරීන් ප්‍රකාශ කළේය.

    ලෝකයටම ණය ලබාදුන්නත් චීනයත් යම් ආකාරයක ණය අර්බුදයකට මුහුණදෙන අතර එහිදී ප්‍රදේශීය පාලනතන්ත්‍රයන් ණය බරට ලක්වීමත්, දේපළ වෙළෙඳ සමාගම් සේවා සැපයීමට නොහැකි තරම් අඩාලවීමත් දැකගත හැකිය.

    මෙම ණය පිරිසිදු කරමින්, ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ දිගු කාලීන තිරසාර මාර්ග සිතියමක් චීනය තවමත් සකස් කර නොමැත.

    චීනයේ ආර්ථිකය 2023 වසරේදී 5%කින් පමණ වර්ධනයවී ඇතැයි සැලකෙන අතර එය ගෝලීය ආර්ථිකය සහ සසඳන විට ඉහළ කාර්ය සාධනයකි.

    එහෙත් එම වර්ධනය ලැබීමට චීනය සිය නිෂ්පාදිතයෙන් 40%ක් නැවත ආයෝජනය කර ඇති අතර එය අමෙරිකාවේ ආයෝජනය මෙන් දෙගුණයකි.

    එයින් පැහැදිලි වන්නේ එම ආයෝජනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඵලරහිත බව යැයි රොයිටර්ස් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    චීනයේ ජනතාවට වර්ධනයේ ප්‍රතිඵල ප්‍රමාණවත් ලෙස හිමි වී නොමැති බව එයින් පැහැදිලි වන අතර විරැකියාව 21% දක්වා ඉහළ යාම ද තත්ත්වය පෙන්නුම් කරන තවත් දර්ශකයකි.

    චීනයේ 70%ක් පවුල් සිය වත්කම් දේපළ සඳහා යෙදවීම ඵලදායී නොවන අතර, විදුලි වාහන ක්ෂේත්‍රයේ මිල තරගය ද චීන නිෂ්පාදකයන්ට අවාසිදායක වී තිබේ.

    මේ වාතාවරණය හමුවේ එළඹෙන 2024 වසරේදී චීනයට ඇතැම් දැඩි පියවරවලට එළඹීමට සිදුවනු ඇති බව අපේක්ෂා කෙරේ.

    එහිදී චීන බලධාරීන් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට උත්සාහ කරනු ඇති බවත්, එහෙත් චීනයේ එය සැමවිටම අභියෝගකාරී බවත් රොයිටර්ස් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    චීනයේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන මිලියන සංඛ්‍යාත සංක්‍රමණික සේවකයන්ගේ සුබසාධනය උදෙසා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමක් චීනය 2024 වසරේදී සැලසුම් කරනු ඇත.

    එමෙන්ම සිය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අර්බුදය සහ ණය ගැටලුව විසඳීමට ද චීනය පියවර ගනු ඇති බව අපේක්ෂා කෙරේ.

    චීනයේ ආර්ථිකය ගැන සැලකූවිට ඔවුන් සිදුකර ඇති ඵලදායී නොවන ආයෝජන පිළිබඳවත් රොයිටර්ස් විශ්ලේෂණය මගින් අදහස් දක්වා තිබේ.

    එම අයහපත් ආයෝජනවල වගකීම දරන්නේ රාජ්‍ය බැංකු විසින්ද මධ්‍යම රජය විසින් ද ව්‍යාපාර හෝ ගෘහස්ථයන් ඒ කියන්නේ චීන ජනතාව විසින් ද යන්න පැහැදිලි නොමැති බව රොයිටර් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 20250113 Views

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා…

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.