Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාව තවත් ලොකු වැඩකට සැරසෙයි
    International

    ඉන්දියාව තවත් ලොකු වැඩකට සැරසෙයි

    By LFNSeptember 1, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චන්ද්‍රයාන් – 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් වෙයි.

    චන්ද්‍රයාන් – 3 සාර්ථකත්වය හමුවේ ඉන්දියාව මීළඟට සැරසෙන්නේ ඉර තරණයට ය.

    ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන සෙනසුරාදා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ තොටුපොළෙන් නික්මීමට නියමිත බව ඉස්රෝ (ISRO) නැත්නම් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය.

    හින්දි බසින් හිරු හඳුන්වන ආදිත්‍යා ලෙස නම් කළ ඉන්දියාවේ සූර්ය ගවේෂණ යානය සූර්ය ගවේෂණය වෙනුවෙන් ඉන්දියාව නිපදවූ පළමු අභ්‍යවකාශ යානය ලෙස හැඳින්වෙයි.

    හිරුගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව උඩුගුවනට යවන ආදිත්‍යා L-1 මාස 04ක් තිස්සේ කිලෝමීටර් මිලියන 1.5ක් ගමන්කොට හිරුගේ ආසන්නයට ළඟාවීමට නියමිතය.

    අවුරෝරා ලෙස හඳුන්වන පොළව මත බලපෑම් ඇති කළ හැකි සූර්ය සුළං පිළිබඳ අධ්‍යයනය කිරීම ද ආදිත්‍යා මෙහෙයුමට අයත්ය.

    දීර්ඝ කාලීනව එම දත්ත මගින් පෘථිවියේ කාලගුණ රටාවන්ට හිරුගේ බලපෑම පිළිබද වඩාත් හොඳ අවබෝධයකින් ලබාගත හැකිවනු ඇති බව ඉන්දීය විද්‍යාඥයෝ විශ්වාස කරති.

    2019 වසරේදී අනුමත කෙරුණු ආදිත්‍යා L-1 සූර්ය ගවේෂණ ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 46කි.

    චන්ද්‍රයාන් – 3 සඳ ගවේෂණය ඉන්දියාව සිදුකළේ, ඩොලර් මිලියන 75ක පමණ පිරිවැයකිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.