Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ප්‍රබල ජනපතිට අභියෝග කළ අරක්කැමියා
    International

    ප්‍රබල ජනපතිට අභියෝග කළ අරක්කැමියා

    By LFNJune 27, 2023No Comments3 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    23 වසරක් පුරා රුසියාව ලොව මහ බලවතෙකු ලෙස යළි ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළම අභියෝගයට පැය 24ක් තුළ අවසන් කිරීමට, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකචෙන්කෝ සහායවූ පුවත සතිඅන්තයේ අසන්නට ලැබුණි.

    ජනපති පුටින්ගේ සමීපතම අනුගාමිකයෙකු මෙන්ම ඔහුගෙ ආභාෂයෙන් රුසියාවේ බලගතුම පුද්ගලයෙකු වූ වැග්නර් ප්‍රධානී යෙව්ගේනි ප්‍රිගෝසින්, රුසියානු හමුදා නායකත්වයට එරෙහිව නැගී සිටීම පසුගිය සිකුරාදා ආරම්භ වූයේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයද අභියෝගයට ලක්කරමිනි.

    යුක්‍රේන යුද පෙරමුණෙන් ඉවත්වී දකුණු දේශ සීමාවේ පිහිටි රොස්තොෆ් නගරයේ බලය අත්පත් කරගත් ප්‍රිගෝසින්ගේ වැග්නර් සන්නද්ධ බළකාය මොස්කව් වෙත වේගවත් ගමනක් ඇරඹීය.

    මොස්කව් නුවරට කිලෝමීටර් 200ක් පමණ තිබියදී ඔහු ආපසු හරවා යැවීම සඳහා බෙලරුස් ජනාධිපති ලුකචෙන්කෝ, වැග්නර් බළකායේ ප්‍රධානියා සමඟ එකඟතාවකට එළඹුණි.

    ප්‍රිගෝසින් සිය සන්නද්ධ හමුදා අරගලය දියත් කළේ රුසියානු හමුදාවල ප්‍රබලතමයන් වූ ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිතු සහ හමුදාපති වැලරි ගැරිස්මොෆ්ට එරෙහිවය.

    යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙරමුණේ සටන් කරන තම සෙබළුන්ට ප්‍රමාණවත් ආයුධ, උණ්ඩ සහ මුනිස්සම් නොදෙන බවට ඔවුන්ට මුලින් චෝදනා කළ වැග්නර් බළකායේ නායකයා, පසුව ඔහු චෝදනා කළේ තම භට පිරිසක් රුසියානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවටය.

    ප්‍රිගෝසින් 80 දශකයේ අපරාධ හා වංචා සම්බන්ධයෙන් සිරගතව සිට සමාව ලබා ජනපති පුටින්ගේ සහායෙන් ගොඩනැගුණු පුද්ගලයෙකි.

    වරෙක පුටින්ගේ අරක්කැමියා PUTIN’S CHEF ලෙසද හැඳින්වුණු ප්‍රිගෝසින් පසුව අවන්හල් ජාලයක හිමිකරු විය.

    පෞද්ගලික සන්නද්ධ හමුදාවක් ඔහු නිර්මාණය කළේ ඉන් පසුවය.

    ඊට බන්ධනාගාරගතව සිර දඬුවම් ලැබූ අපරාධකරුවන්ද යොදාගන්නා බව ප්‍රසිද්ධ රහසකි.

    දැන් 25,000කින් පමණ සමන්වික ප්‍රිගෝසින්ගේ වැග්නර් බළකාය සිරියාවේ සහ අප්‍රිකානු රටවලද ක්‍රියාත්මක වූයේ ජනපති පුටින්ගේ අවශ්‍යතා සපුරාලීමටය.

    කෙසේ නමුත් යුක්‍රේන යුද්ධයේදී සිය සන්නද්ධ බළකායේ විශාල පිරිසක් දැඩි අවදානමකින් කටයුතු කරද්දි රුසියානු හමුදා නායකත්වය සියලු වරප්‍රසාද ලබමින් අලසව කටයුතු කරන බවට ප්‍රිගෝසින් චෝදනා කළේය.

    ජනපති පුටින් ප්‍රිගෝසින්ගේ හමුදා කැරැල්ලට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ අතර ඔහු පාවාදෙන්නෙකු සහ පිටුපස සිට පිහි පහර දෙන්නෙකු ලෙස දෝෂදර්ශනයට ලක්කළේය.

    ප්‍රිගෝසින්ට එරෙහිව හමුදා කැරැල්ලක් දියත් කිරීමේ චෝදනා යටතේ කටයුතු කිරීමට පුටින් පාලනය පියවර ගෙන තිබේ.

    කෙසේ නමුත් සිය මොස්කව් ගමන නතරකොට සෙබළුන් යළි හමුදා කඳවුරු වෙත යැවීමටත්, ප්‍රිගෝසින් බෙලරූස් රාජ්‍යයේ රැකවරණ ලැබීමටත් එකඟවීමත් සමග සන්නද්ධ කැරැල්ල නිමාවට පත්වුණේ පුටින් පරිපාලනයට අස්වැසිල්ලක් ගෙනදෙමිනි.

    ප්‍රිගෝසින්ගේ පියවර ඉදිරියට ගියේ නම් විශාල ලේ වැගිරීමක් මෙන්ම රුසියාව පුරා අස්ථාවරත්වයක් ඇතිවිමට ඉඩ තිබූ බව බොහෝදෙනාගේ අදහසය.

    ප්‍රිගෝසින් මේ වනවිට දකුණු දිග රෝස්තොෆ් නුවරින් බෙලරූස් වෙත ගොස් ඇති අතර ඔහුගේ සන්නද්ධ බලඇණියේ පාලනය රුසියානු හමුදා ප්‍රධානීන්ට හිමිවී තිබේ.

    ප්‍රිගෝසින්ගේ වැග්නර් බළකායෙන් එල්ලවූ තර්ජනය අවසන්වූවත් එමගින් ජනපති පුටින්ගේ බල අධිකාරිය දුර්වලවී ඇති බවට බටහිර දේශපාලන විචාරකයින් පවසයි.

    එහෙත් ප්‍රිගෝසින්ගේ ක්‍රියාත්මක නොවූ කැරැල්ලෙන් යුදමය වාසියක් ලැබීමට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි දැරූ ප්‍රයත්නයද මේ වනවිට අසාර්ථක වී ඇති බව සඳහන් ය.

    කෙසේනමුත් රුසියාවේ සදාතනික මිතුරා වන චීනය, සන්නද්ධ කැරැල්ල හමුවේ ජනපති පුටින්ට සිය සහාය පළකළේය.

    රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආන්ද්‍රේ රුඩෙන්කෝ (25) චීනයේ බෙයිජිං නුවරට පැමිණි අවස්ථාවේ චීන පාර්ශ්වයෙන් මෙලෙස සහාය පළ වූ බව රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

    පසුව චීන විදේශ අමාත්‍යාංශයද ඒ පිළිබඳව නිවේදනයක් නිකුත්කළ අතර එහි සඳහන් වූයේ රුසියාවේ ජාතික ස්ථාවරත්වයක් පවත්වාගැනීම සඳහා චීනයේ සහාය පළවන බවත් පසුගියදා ඇතිවූ නොසන්සුන්තාව රුසියාවේ අභ්‍යන්තර කරුණක් ලෙස සලකන බවත් ය.

    පොදුවේ චීන ජනතාව රුසියාවට සහ ජනපති පුටින්ට සහාය පළ කරමින් සමාජ මාධ්‍ය සටහන් තැබූ අතර ඒ අතර වැඩියෙන්ම සඳහන්ව ඇත්තේ YOU CAN DO IT, RUSSIA “රුසියාව – ඔබට එය කළ හැකියි” යන්නය.

    මේ අතර අසාර්ථක වු සන්නද්ධ කැරැල්ල නිමාවීමෙන් පසු ප්‍රථමවරට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු රුසියානු රූපවාහිනිය ඉදිරියේ පෙනී සිට ඇති අතර ඔහු යුක්‍රේන යුද පෙරමුණේ තොරතුරු හමුදා අණදෙන නිලධාරීන් වෙතින් විමසන අයුරු එහි දැක්වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.