Lanka Focus News

WHO කොවැක්ස් ක්‍රමවේදය හරහා කොවිඩ් එන්නත් ලැබුණු පළමු රට

WHO කොවැක්ස් ක්‍රමවේදය හරහා කොවිඩ් එන්නත් ලැබුණු පළමු රට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස්” ක්‍රමවේදය හරහා කොවිඩ් එන්නත් ලැබුණු පළමු රට බවට ඝානාව පත්ව තිබේ.

මේ වසර නිමවීමට පෙර “කොවැක්ස්” ක්‍රමවේදය හරහා කොවිඩ් එන්නත් බිලියන 2ක් පමණ ලොවපුරා බෙදාහැරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ යි.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 600,000ක් ඝානාව වෙත අද (24) ලැබී ඇති බව වාර්තා වේ.

බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව තුළින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 80,700ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 580කි.

නමුත් PCR පරීක්ෂණ අඩු බැවින් සත්‍ය ආසාදිතයින් සහ මරණ මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

administrator

    Related Articles

    Close
    shares