යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින් මෙරට අතහැර ගොස් සිටි පාතාල හා කුඩු ව්‍යාපාරිකයින් නැවතත් ඔවුන්ගේ පාලන සමයේදී ගෙන්වාගෙන සිය දේශපාලන කටයුතුවලට යොදාගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (27) කුරුණෑගල රිදීගම පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“එක්සත් ජාතික පක්ෂය හැමදාම අපිට විරුද්ධ අයට උදව් කළා. පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. පාතාලය වැඩිවුණා. පාතාලය වැඩි වුණේ පසුගිය අවුරුදු පහේ“ යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
“2015 වෙද්දි පාතාලයේ අය රට අතඇරලා ගියා. 2015න් පස්සේ ආයෙත් ආවා. සමහර දේශපාලනඥයෝ තමන්ගේ ඡන්ද වැඩවලට පාතාලේ අය රට ඉඳන් ගෙන්න ගත්තා. දේශපාලනඥයින්ගේ වැඩවලට යොදාගත්තා. ඒ අය තමයි නැවත මේ රටට කුඩු ගෙනල්ලා ගම්මානවල දරුවන්ටත් කුඩු පුරුදු කළ“ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.