Lanka Focus News

NRFC ගිණුම් ගැන පළවන වාර්තා අසත්‍යයි – මහ බැංකු අධිපති

NRFC ගිණුම් ගැන පළවන වාර්තා අසත්‍යයි – මහ බැංකු අධිපති

අනේවාසික විදේශ මුදල් ගිණුම්වල පවතින මුදල් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් බවට පත්කරන බවට පැතිර ගිය ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පැතිර ගොස් තිබූ බවය.

කෙසේවෙතත් නීතිවිරෝධි ලෙස විදේශ මුදල් බෙදාහැරීම හෝ ලබාගැනීම සිදුකරන ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් නිවේදනය කළේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය කරගැනීම සඳහා ද ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවය.

administrator

Related Articles