Lanka Focus News

IMF ණය ගන්න මේ වසර අවසානය තෙක් බලා ඉන්න වෙයි -හර්ෂ

IMF ණය ගන්න මේ වසර අවසානය තෙක් බලා ඉන්න වෙයි -හර්ෂ

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට මේ වසර අවසානය වනතෙක් බලාසිටීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසු නොවන බවය.

“අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලෝන් එකක් ගන්න මේ අවුරුද්දේ අවසානය වෙන කල් ඉන්න වෙනවා. ඊට කලින් නම් සල්ලි ලැබෙන්නේ නෑ. හෙට අනිද්දා ඒ අයගේ ස්ටාෆ් ලෙවල් ටීම් එකක් එනවලු සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා පටන් ගත්තාට, සාකච්ඡා ඉවර වෙලා එයාලා ස්ටාෆ් ලෙවල් ගිවිසුමකට අත්සන් කරාවි. ඒක සමහර විට තව මාසයකින් විතර වෙයි. හැබැයි මුදල් ලබාගන්න බෑ ඒ ගිවිසුමෙන්. මුදල් ලබාගන්න නම් IMF බෝඩ් එක අනුමැතිය දෙන්න ඕනේ. ඒක කරන්න සෑහෙන්න කොටසක් කරන්න සිදුවේවි. ඒ කියන්නේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ වෙනස්කම් කරන්න වෙයි. සරලව කියනවා නම් රජයේ ආදායම වැඩිකර ගන්න වෙනවා. වියදම අඩු කරගන්න වෙනවා. සහනාධාර ගැන හිතා බලන්න වෙනවා. ඒ හැමදේටම වඩා අර ණය ගෙවන්න තියෙන ඒවා ප්‍රතිව්‍යුහ ගත කරන ධනාත්මක වැඩපිළිවෙලකට යන්න වෙනවා. ඒක ලේසි නෑ.”

administrator

Related Articles