Lanka Focus News

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නිරෝධායන මධ්‍යස්ථානයකට

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නිරෝධායන මධ්‍යස්ථානයකට

ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, PCR පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවය.

ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් ඊයේ (09) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රුවන් නෙලුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර ද මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares