Lanka Focus News

කොදෙව් – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

කොදෙව් – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඊයේ (27) තරගය නොපැවැත්වීමට තරග තීරකයින් කටයුතු කළේය.

ලකුණු 399ක ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම මේ වන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 02ක් දැවී ලකුණු 10ක් ලබා සිටියි.

සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 369ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වුයේ ලකුණු 197ක් පමණයි.

ලකුණු 172ක වාසියක් සමගින් දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 226ක් ලබා සිටිය දී පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ලබාදුන්නේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares