රටේ දරුවන් අධ්‍යාපනය අතරමග හැර යන්නේ දිළිඳුකම නිසායි – ජනක රණවක

ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන තමන්ගේ ප්‍රධාන අරමුණ වනේනේ දිළිඳුකම පිටු දැකීම තුලින් අධ්‍යාපන පද්ධතිය ඉහලට ඔසවා තැබීම බව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා.

මෙහිදී දිළිඳුකම හා අධ්‍යාපනය, ගහට පොත්ත සහ පොත්තට ගහ මෙන් එකට බැඳී පවතින සඳහන් කරන්නේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“අප රටේ දරුවන් අධ්‍යාපනයෙන් තොර වන්නේ සහ අධ්‍යාපනය අතරමග හැර යන්නේ දිළිඳුකම නිසායි. සමහර දරුවන් කුසගින්නේ සිටීම නිසා පාසලට පැමිණීම නතර කරනවා.තවත් දරුවන් නිවසේ අගහිඟකම් වලට මුහුණ දීමට සුළු රැකියාවන් වලට යාම නිසා අධ්‍යාපනය හැර යනවා.

මේ කවර හේතුවකින් හෝ ගත් විට දරුවන් අධ්‍යාපනය අතහැර යන්නේ දිළිඳුකම නිසායි.එසේනම් ප්‍රථමයෙන් කලයුතු කාර්ය වන්නේ සමාජයෙන් දිළිඳුකම තුරන් කිරීමයි. එසේ කිරීමට නම් කුටුම්භ වල ආදායම වැඩි කල යුතුයි.

බොහෝ නිවෙස් වල ආදායම උපයන්නේ ගෘහමූලික පියායි. බිරිඳ ගෘහනියක් ලෙස කටයුතු කරනවා.දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සිටින නිසා සියලු දෙනාගේ පැවැත්ම තීරණය වන්නේ පියාගේ ආදායම මතයි.

පියාගේද ඇත්තේ දෛනික ආදායමක් නිසා කාලගුණික, සෞඛ්‍යමය හා වෙනත් හේතු මත එම ආදායමද අඛණ්ඩව ලැබෙන්නේ නැහැ.

මගේ සංකල්පය වනේනේ කර්මාන්ත ගම්මාන තුලින් නිවසේ සිටින ගෘහනියගේ ආර්ථික ශක්තිය වැඩි කිරීමයි. මෙය බොහෝ යුරෝපීය රටවල සාර්ථක වූ ක්‍රමයක් .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සංකල්පය වන්නේ දේශීය කර්මාන්ත නගාසිටුවීම තුලින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

එහිදී ගෘහනිය රැකියාවට නොගොස් වැඩ බෙදාගෙන කිරීමේ සංකල්පය යටතේ කර්මාන්ත ආයතනයේ නිෂ්පාදන කටයුතු වලට දායක වී ආදායමක් උපයනවා. ”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *