හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට

හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ, බක්නිගහ පිල්ලෑව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් අනුව පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 63 යි මිලිග‍්‍රෑම් 160 ක් සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *