ඇඳිරිනීතිය ඉවතට – පාසැල් නැවත විවෘත කිරීමේ පළමු අදියර අද

පුරා මාස තුනකටත් වැඩි කාලයක් තිස්සේ විවිධ ලිහිල් කිරීම් සහිතව ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නිතිය ඊයේ (28) සිට බලපැවැත්වෙන පරිදි මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අතර කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් නැවතත් අද (29) සිට විවෘත කෙරෙන අතර මුල් අදියර යටතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් පාසල් වලට කැඳවනු ඇති.

කොවිඩ් – 19 වෛරසය පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය රජය විවිධ ලිහිල් කිරීම් යටතේ වුවත් පවත්වාගෙන ගිය අතර ජූනි 13 වනදා සිට එය ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණයි.

ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් හෙට සිට විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව පළමු අදියර යටතේ පාසල් කටයුතු සඳහා සූදානම් වීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් හෙට පාසල් වලට කැඳවනු ලබයි.

දෙවන අදියර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි මස 06 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතව තිබේ.

මෙවන් පසුබිමක කොවිඩ් -19 රෝගී ප්‍රතිකාර සඳහා වෙන්කර තිබූ හෝමාගම මූලික රෝහල හෙට සිට අදියර කිහිපයක් යටතේ සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සඳහා විවෘත කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙලෙස දෛනික කටයුතු යථා තත්වයට පත් කෙරුණද තවමත් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇත.

අදත් ප්‍රදේශ කිහිපයකම මුඛ ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

මුඛ ආවරණ පැළඳීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදාදීම ද සිදුකෙරුණි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව කටාර්, ඩුබායි සහ බෙලරූස් රාජ්‍යන්වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 344 දෙනෙකුද අද දිවයිනට පැමිණියේ.

ඔවුන් සියුලු දෙනා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කෙරුණි.

එමෙන්ම මෙරට සේවයේ නිරත වූ ඉන්දීය ජාතික නාවිකයින් 104 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *