ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ සියය ඉක්මවා තිබේ.

නිල ඇස්තමේන්තු අනුව අද (28) එම අගය 10,074,630 ක් ලෙස සටහන් වුණි.

වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 500,625 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය දැක්වෙන්නේ 5,453,003 ක් ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *