රට ගොඩනැගිය හැකි පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවීම අවශ්‍යයි -විමල්

රට ගොඩනැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවිමට ජනතාව කටයුතු. කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතාම ඓතිහාසික පරිවර්තනයකට අවශ්‍ය ලෝක හා දේශීය වාතාවරණයක් පවතින විටෙක බවයි.

මෙය නිවැරදිව තේරුම් ගත් ජනතාවගෙන් මෙවර පාර්ලිමේන්තුව පිරවිය හැකි බව ද පැවසු අමාත්‍යවරයා, එවැන්නක් සිදුවුවහොත් මෙය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණය බවට පත්වනු ඇතැයි ද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *