තරුණයෙක් තියුණු ආයුධයකින් පහර දී මරා දැමේ

දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (21) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇතවූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැප්නුගොඩ, පමුණුගම ලිපිනයේ පදිංචිව සිටි 21හැවිරිදි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ අද සිදු කිරීමට නියමිතයි.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දුන්ගල්පිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර පුත්තලම උඩප්පුව ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට උඩප්පුව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරික්ෂා කිරිමක දී මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.

මියගිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණියක් වන අතර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *