යාපනයේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසූවේ පලෙයි ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කළ ටිපර් රථයක් හා යාපනය දෙස සිට පලෙයි ප්‍රදේශය දෙසට ගමන්ගත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවු අවස්ථාවේ තරුණයෙකු අදාළ ස්ථානයේදීම හා තවත් තරුණයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවතක්ෂයට පත්ව ඇත.

යාපනය, ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයින් දෙදෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරට අදාළව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොඩිකාමම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *