දේශ සිමා ගැටුමෙන් පසු පළමු වරට චීනයෙන් නිල නිවේදනයක්

ඉන්දිය හමුදාව හා සිය හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම් සම්බන්ධයෙන් චීනය ඊයේ පළමු වරට නිල වශයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ලිජියෑන් සා ඕ ට්විටර් සටහන් කිහිපයක්ම තබා ඇති බවයි.

එමගින් ඔහු පවසා ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප‍්‍රහාර හිතාමතා සිදුකළ ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවක් බවයි. සිය රටේ සීමාවට ඇතුළුවූ ඉන්දීය හමුදාව ප‍්‍රහාර එල්ල බවත් පසුව එය දරුණු ගැටුමක් දක්වා වර්ධනය වූ බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. එහෙත්, අදාළ ගැටුම්වලදී චීන හමුදා සාමාජිකයින්ට ජීවිත හානි හෝ තුවාල සිදුවුයේ ද යන්න සම්බන්ධයෙන් අදාළ ප‍්‍රකාශකයා මෙහිදී කිසිඳු සඳහනක් කර නැහැ.

කෙසේවෙතත් අදාළ ගැටුම් සම්බන්ධයෙන් චීනය මෙලෙස ප‍්‍රතිචාර දැක්වුයේ එම ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප‍්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක වීම විශේෂත්වයක්. හිමාල කඳුකරය ආශ‍්‍රිතව පිහිටි මතභේදාත්මක ගැල්වාන් නිම්නයේ අක්සායි චීන ලඩාක් ප‍්‍රදේශයේදී ඉන්දීය හමුදාව සහ චීන හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම්වලින් ඉන්දීය හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *