ඇමසන් වනාන්තරයේ ස්වදේශික ගෝත්‍රික නායකයෙක් කොවිඩ් රෝගයෙන් මරුට

වැසිකිළි භාවිතයේදී පවා කොවිඩ් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බව නවතම පර්යේෂණයක් මගින් හෙළි වී තිබේ.

ලොව පුරා කොවිඩ් මරණ ගණන 450,000 ඉක්මවා යද්දී ආසාදිතයින් ගණන වාර්තා වන්නේ ලක්ෂ 84 ක් ලෙසිනි.

එමෙන්ම ඇමසන් වනාන්තරයේ ස්වදේශික ගෝත්‍රික නායකයෙකු ද කොවිඩ් රෝගයට බිලිවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

චීන විද්‍යාඥයින් සිදුකළ නවතම පර්යේෂණය මගින් අනාවරණ වන්නේ, කොවිඩ් ආසාදිතයෙකු භාවිත කළ වැසිකිළියක් නැවත භාවිත කිරීමේදී වෛරස ආසාදනයවීමේ හැකියාවක් පවතින බව යි.

වැසිකිළි භාවිතයෙන් පසුව එය සෝදා හැරීමේදී කොවිඩ් වෛරසය සහිත අංශු වාතලයට මුසුවිය හැකි බවත්, ඒවා වැසිකිළියේ සිට අඩි තුන හමාරක් තරම් ඉහළට ගමන්කර වාතයේ රැඳී සිටිය හැකි බවත් අනාවරණ වී තිබේ.

කොවිඩ් ආසාදිතයින්ගේ ආහාර පද්ධතියේ සහ ඔවුන්ගේ මළවල කොවිඩ් වෛරසයට නොනැසී පැවතිය හැකි බව මීට පෙර සෞඛ්‍ය අංශ තහවුරු කර තිබුණි.

එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා චීන පර්යේෂකයින් යෝජනා කරන්නේ, වැසිකිළි භාවිතයෙන් පසුව එහි පියන වසා දමා ජලය යෙදිය යුතු බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *