බීජිං නගරයේ රෝගීන් වැඩි වේ

චීනයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 83,221 දක්වා ඉහළ දමමින් ඊයේ නව ආසාදිතයන් 44 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඉන් 31 දෙනෙකුම වාර්තා වුණේ බීජිං අගනගරයෙන්.

තත්ත්වය උග්‍ර වෙමින් ඇති නිසා බීජිංහි පාසැල් යළි වසාදැමීමට බලධාරීන් නියෝග කර තිබේ.

විශ්වවිද්‍යාල වෙත සිසුන් පැමිණීමත් තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

බීජිං අගනුවර ප්‍රදේශ රැසකම සංචරණය ද සීමා කර ඇත‍.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *