ඇමෙරිකානු ප්‍රහාරක යානයක් මුහුදට කඩා වැටේ

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයට ආසන්න මුහුදට කඩා වැටී තිබේ.

එම යානයේ නියමුවා සොයා “උතුරු මුහුදු” කලාපයේ විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ගුවන් යානය මිඩ්ල්ස්බ්‍රා ප්‍රදේශයේ පුහුණු සැසියකට එක්වෙමින් සිටිය දී ඊයේ (15) උදෑසන අනතුරට ලක්වී ඇත.

ප්‍රහාරක යානය කඩා වැටීමට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර ඇමෙරිකානු ගුවන් හමුදාව පැවසුවේ එම යානයේ එක නියමුවෙක් සිටි බවය.

නැගෙනහිර යෝර්ක්ෂයර් මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 74ක් ඈතින් එම ගුවන් යානය අනතුරට ලක්වන්නට ඇතැයි සැලකේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *