ගෑස් ටැංකියක් පිපිරීමෙන් චීනයේ 19 මරුට

ගෑස් ටැංකියක් සහිත රථයක් අනතුරට ලක්වීමෙන් චීනයේ පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

එරට ෂේජියෑං ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරමින් තිබු අදාළ ට්‍රක් රථය අනතුරට ලක්ව මාර්ගය අසල තිබු කර්මාන්ත ශාලාවකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ගෑස් ටැංකිය පුපුරාගොස් ඇති අතර කර්මාන්ත ශාලාවේ සිටි 200ක පමණ පුද්ගලයින් පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එහිදි පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 172කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *