බීජිංහි කොටස් කිහිපයක් වසා දැමේ

ආසාදන පොකුරක් අලුතින් සොයාගැනීම හේතුවෙන් චීනයේ බීජිං නුවර කොටසක් වසා දැමීමට බලධාරීන් ඊයේ (13) පියවර ගත්තේය.

කොවිඩ් 19 දෙවන රැල්ලක් ව්‍යාප්තවීමේ අවධානම මතුකරමින් දකුණුදිග බීජිං හි මාංස වෙළඳපොළක් ආශ්‍රිතව මූලාශ්‍රය හඳුනා නොගත් නව පොකුරක් වාර්තා වී ඇත්තේ බලධාරීන් මවිතයට පත්කරමින්.

වෛරස ව්‍යාප්තිය හමුවේ පළමුව වසා දැමුණු චීන නගරය බවට වූහාන් පත් වූ අතර ඒ මග යමින් දකුණු දිග බීජිං හි කොටසක් වසා දැමීමට බලධාරීන් අද පියවර ගත්තේය.

ඊට නේවාසික ප්‍රදේශ 11 ක් අයත් වන අතර එහි පදිංචිකරුවන් නිරෝධායනයට යොමු කෙරුණි.

ෂින්ෆාඩි (Xinfadi) නම් අදාළ මාංස වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින්ගෙන් ලබාගත් සාම්පල 517 ක් පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එහි කාර්ය මණ්ඩලයේ 10,000 කට අධික සංඛ්‍යාවක් ද පරික්ෂාවට ලක්කිරීමට නියමිතය.

කුලීකරුවන් 4,000 ක් සිටින වෙළඳපොල තුළ වෛරසය සොයාගත් පසු එය විෂබීජහරණය කරන ලෙසට නියෝග කළ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

එම තොග වෙළෙඳපොළේ සභාපති බීජිං ප්‍රවෘත්ති සේවයට පැවසුවේ,ආනයනික සැමන් මත්ස්‍යයින් කපන ලෑලි මත වෛරසය හඳුනාගෙන ඇති බවයි.

නගරය පුරා ඇති ප්‍රධාන සුපිරි වෙළඳසැල් දාමයන් පසුව සැමන් මසුන් රාක්ක වලින් ඉවත් කර ඇති බව බීජිං යූත් ඩේලි වාර්තා කරයි.

නව පොකුරේ සිව් දෙනෙකු පිටතට ගොස් තිබීම හේතුවෙන් නගරයේ පලතුරු හා එළවළු අවශ්‍යතාවයෙන් 90% ක් සපයන තවත් වෙළඳපොළක් ද වසා දැමුණි.

අසල පාසල් 9 ක් සහ පෙරපාසල් ලබන සතියේ වසා දමන ලෙසත් බළධාරීන් දැනුම් දී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *