ඔස්ට්‍රේලියාව පුද්ගල දුරස්ථභාවය පිළිබඳ සීමා ලිහිල් කරයි

පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් ලබන ජුලි මාසය වන විට තවදුරටත් ලිහිල් කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

ප්‍රාන්ත බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ පාලනයක් සිදුව තිබීම හේතුවෙන් මේ වන විට සංචරණ කටයුතු සීමා කරමින් පැනවූ නීති අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ විශාල ප්‍රමාණයේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා තරඟ නැරඹීම සඳහා ඉදිරියේදී නරඹන්නන්ට අවස්ථාව ලබාදීමට ද ඔස්ට්‍රේලියානු රජය සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 7290 ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 102ක් ලෙසය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *