විදෙස් සංචාරකයින්ට අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විවෘතයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය මේවන විට සාර්ථකව පාලනය කර ඇති හෙයින් ලබන. අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ (09) පැවසුවාය.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ , රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ , හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලබන අගෝස්තු 1 වන දින සිට විදෙස් සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවද ඇය පැවසුවාය .

දිවයිනේ සුන්දරත්වය නැවත වරක් අත්විඳීමට ලොව පුරා සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා අතර, ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ලබා දීමට සැලසුම් කර ඇති බවත් , විදෙස් සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම පූර්වාරක්ෂාවන් සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන එම අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය..

මෙරටට පැමිණෙන සංචාරකයින් නිරෝධායන ක්‍රියාපටිපාටිවලට භාජනය විය යුතු නැති අතර ඔවුන් සඳහා අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂාවක්, විෂබීජ නාශක ක්‍රියාවලියක් සහ පී.සී.ආර් පරීක්ෂණයක් ගුවන් තොටුපොළේ දී නොමිලෙ පවත්වන බවද කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය කීවාය.

එම පී.සී.ආර් පරීක්ෂණ පැය 24 ක් ඇතුළත අපේක්ෂා කරන අතර, ප්‍රතිපල පැමිණෙන තුරු සියළුම සංචාරකයින් ගුවන් තොටුපල ආසන්නයේ නම් කරන ලද හෝටල් වෙත පෙර වෙන්කරවා වාහන හරහා යවන බවද සංචාරක සංවර්ධන අධිකාරි සභාපතිනිය පැවසුවාය .
මෙරටට පැමිනීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලයෙන් පමණක් සිදුවන අතර සංචාරය කිරීමට පෙර වීසා සදහා අයදුම් කළ යුතුයැයිද ඇය කියා සිටියාය.
පැමිණෙන සෑම විදේශ සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමට පෙර පැය 72 ක් ඇතුළත , පිළිගත් රසායනාගාරයකින් ලබාගත් භැට්එසඩැ ඡක්‍ඍ පරීක්ෂණ වාර්තාවක් , සහතික කළ නවාතැන් වල අවම වශයෙන් රාත්‍රී 5 ක් ආවරණය වන පරිදි තහවුරු කරන ලද සංචාරක ගමන් විස්තරයක් , සෞඛ්‍ය සහ රෝහල්ගත ආවරණයක් සහිත සංචාරක රක්ෂණයක් හා , ඇමරිකානු ඩොලර් 100 ක වීසා ගාස්තුවකට යටත් කෙරෙන බවද සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය .

සංචාරකයින් ගෙන් ඇමෙරිකානු ඩොලර් 100 ක වීසා ගාස්තුවක් අයකිරීමට හේතුව වන්නේ අර්ධ වශයෙන් පී.සී.ආර් පරීක්ෂණවල පිරිවැය සහ අතිරේක සෞඛ්ය වියදම් සදහා යැයිද ඇය කීවාය.

මේ වන විට අධිකාරිය සමඟ තරු පහේ හෝටල්, බුටික් හෝටල් / විලාස්, තරු හතරේ, තරු තුනේ හෝටල්, නේවාසිකාගාර, විවේකාගාර සහ නිවාස නවාතැන් ඇතුළත් ආයතන 2669 ක් ලියාපදිංචි වී ඇති අතර ඒවා හරහා විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම අනුගමනය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහ පූර්වාරක්ෂාව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය පැවසුවාය.

මෙම මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය වන www.sltda.gov.lk ලබා ගත හැකි බව එම අධිකාරිය කියා සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *