යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට

බකමුණ පොලිස් වසමේ බකමූණ දඹුල්ල මාර්ගයේ දමනයාය ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ලා සිදුවු අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27ක් හා 28ක් වු ලුණුගල හා හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් යුද හමුදාවේ සේවය කරන පුද්ගලයින් බව වාර්තා වෙයි.

මෘත ශරීරයන් බකමුණ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *