වසර 7 කට පෙර මව ඝාතනය කළ තරුණයා ගිනි තබා ගෙන දිවි නසා ගනී

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජිවිතක්ෂයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිදුවීම ඊයේ(01) සවස සිදුවු බවද පොලීසිය පවසයි.

කාත්තාන්කුඩි 4 බාවා පටුමගහි පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල සහිත මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කාත්තාන්කුඩි පොලීසිය කියා සිටියේය.

කාත්තාන්කුඩි කර්බලා පාරේ පාලු ගොඩනැඟිල්ලක් ඇතුළත මෙම පුද්ගලයා තමන්ට ගිනි තබා ගෙන ඇති අතර, එය දුටු අසල්වාසීන් ගිලන් රථයට අමතා එමඟින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව මුලික පරික්ෂණවලින් හෙළි වී තිබේ.

කාත්තාන්කුඩි පොලීසිය මේ වන විට මුලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

ගිනි තබාගත් තරුණයා මානසික රෝගියෙකු බවත් පසු ගිය වසර 7 කට පෙර තමාගේ මව ඝාතනය කිරීම නිසා වසර 3ක් රක්ෂිත බන්ධනාගාර ගතවී පසුව වසර 4ක් දඬුවම් ලබා පසුගිය මාසයේ නිදහස් වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කාත්තාන්කුඩි පොලිසිය පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *