බිංගිරියේ හා නාවලපිටියේ රිය අනතුරුවලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය දුම්මලසූරිය මාර්ගයේ කඳුරුවැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(31)සවස 5.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

දුම්මලසූරිය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව, මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබේ.

පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මිය ගොස් ඇත.

මිය ගොස් වයස අවුරුදු 45 ක් වු කඳුරුවැව, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, නාවලපිටියේ ගම්පොළ මාර්ගයේ කිලෝමීටර් 15 ත් 16ත් අතර භාණ්ඩ පටවමින් තිබු කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් භාණ්ඩ පටවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙක් මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *