මැතිවරණ කොමිසමේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න කාලය ඇවිල්ලා-ශෙහාන් සේමසිංහ

තමන්ට පැවරි ඇති බලතල රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතා ඉටු කිරිමට භාවිතා. නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේකෂක ශෙහාන් සේමසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

අද(22) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ, මැතිවරණ කොමිසමේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කාලය එළඹ ඇති බවයි.

මැතිවරණයක් පැවැත් විමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට ඕනෑවටත් වඩා කාලයක් හිමිව තිබු බවද ඒ මහතා පැවසීය.

කොමිසමට පැවරී ඇති බලතල රටට විරුද්ධ බලවේගවල අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක නොකරන්නැයි ගෞරවයෙන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

මැතිවරණයක් පැවැත් විමට ඇති නොහැකියාවක් නොමැති බවත්, මැතිවරණයක් පැවැත් වීම අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිසම විසින් විශ්වාස කරනු ඇතැයි ද ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *