තවත් කොරෝනා ආසාදිතයින් 16කට සුවයි-සුවය ලැබු සමස්තය 620ක්

අද(22) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය. ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ(21) දිනය තුළ නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගත් අතර 15 දෙනෙකු ඩුබායි හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

තවත් එක් අයෙකු කුවේට් හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයෙකු වන අතර සෙසු 11 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 426 ක් වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *